යාපනය ලංකාවේ නගරයක් මිස ඉන්දීය ප්‍රාන්තයක් නෙමෙයි…! – සුමන්දිරන්ලට චීන තානාපතිගෙන් තරු පෙනෙන උත්තරයක්…

January 11, 2022 at 5:20 pm | by emanisa.lk

යාපනය යනු ශ්‍රී ලංකාවේ කොටසක් මිස ඉන්දියාවේ නගරයක් නොවන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ප්‍රකාශ කරයි.

“යාපනය කියන්නේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි නගරයක් මිස වෙනත් රටක දකුණු ප්‍රදේශයේ පිහිටි නගරයක් නොවෙයි.

මම යාපනයට ගියේ රහස් ගමනක් නොවෙයි, විවෘත සංචාරයක්.” යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන්ග්හොංග් පවසයි.

මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවැති සුහද සාකච්ඡාවකදී චීන තානාපතිවරයා පසුගියදා යාපනයේ සංචාරය කිරීමට හේතුව කුමක්දැයි මාධ්‍යවේදියකු විමසා සිටි අවස්ථාවේ දී තානාපතිවරයා මේ පිළිතුර දුන්නේය.

චීන තානාපතිවරයාගේ යාපනය සංචාරය පිළිබඳ දෙමළ ජාතික සන්ධානය විරෝධය පළකර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *