යහපාලන වෛරී දේශපාලන දඩයක්කරුගේ මට්ටමට අප වැටිය යුතු නෑ….! කිසිවෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු එපා…! ගෙවිඳු..

April 26, 2021 at 7:09 am | by emanisa.lk

දේශපාලන පළිගැනීම් සඳහා වගකිව යුතු අයගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට ඒ පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම නිර්දේශ කළ ද එය ක්‍රියාත්මක නොකළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග යෝජනා කර තිබේ.

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත්කළ විශේෂ ජනපති කොමිසමේ නිර්දේශ පිළිබඳ මන්ත්‍රීවරයා සිදුකළ යෝජනාවට ආණ්ඩුවේ බහුතරයකගේ කැමැත්ත හිමිව තිබෙන බව දැනගන්නට තිබේ.

පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේ දී ගෙවිඳු කුමාරතුංග මෙම අදහස ඉදිරිපත් කර තිබේ. තමන් ද මාස තුනක් හිරේ දුක් වින්ද බවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ ආකාරයට අප කටයුතු නොකළ යුතු බවත් ඇමැති විමල් වීරවංශ සඳහන් කොට තිබේ.

ඊට අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන ඇමැතිවරුන්ගේ සහය ද ලැබී ඇති අතර ඔවුන් ද සඳහන් කොට තිබෙන්නේ දේශපාලන පලිගැනීම් පිළිබඳව වගඋත්තරකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම පමණක් සුදුසු බවත් වැරැද්දක් කර ඇත්නම් දඬුවම් දීම ප්‍රමාණවත් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස