යහපත් කල්ක්‍රියාව නිසා අර්ජුන් ඇලෝසියක් කලින්ම නිදහස් කළා…! – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක…

February 24, 2025 at 10:02 am | by emanisa.lk

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාරයේ යහපත් ලෙස හැසිරීම නිසා නියමිත සිරදඬුවමට මාස දෙකකට පෙර නිදහස් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක ප්‍රකාශ කළේ, පසුගිය සෙනසුරාද ඔහු ඇතුළු තිදෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කළ බවයි.

රු. බිලියන 3.5ක බදු පැහැර හැරීමේ චෝදනාවක් මත අර්ජුන් ඇලෝසියස්ට මාස 6ක සිරදඬුවමක් කොළඹ මහා අධිකරණය නියම කළේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *