මහ පරිමාණ වී මෝල හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන ඊයේ (28) වී මිල තීරණය කරනු තමා දුටු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
රටේ වී මිල තීරණය කිරීමට වී මෝල් හිමියන්ට නොහැකි බව ඇමැතිවරයා සඳහන් කරයි.
ගොවියන්ට සහතික මිලක් දී ශක්තිමත් කිරීම තම අරමුණ වුව ද වී මිල තීන්දු කරන්නේ රජය බව වී මෝල් හිමියන් හොඳින් සිහියේ තබාගත යුතු බව මහින්දානන්ද අලුත්ගමගේ අවධාරණය කරයි.