මෝදිතුමා එක්ක ගිවිසුමක් ගහලා විදුලි බිල අඩු කරනවා…! – ඇමති ක්‍රිෂාන්ත අබේසේන…

April 2, 2025 at 10:53 am | by emanisa.lk

මේ මොහොතේ ඉන්ධන මිල සැලකිය යුතු මුදලකින් අඩු කිරීමේ හැකියාවක් නැත්තේ තව දුරටත් IMF කොන්ද්සි සමඟ රජයට කටයුතු කිරීමට සිදුව ඇති නිසා යැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.

“ඉන්ධන මිල අඩු කරන්න අපිත් කැමතියි.මේ මොහොතේ ඉන්ධන මිල සැලකිය යුතු මුදලකින් අඩු කිරීමේ හැකියාවක් නැහැ. තාමත් IMF කොන්දේසි තියෙනවා. අපේ අදායම සහ වියදම අතර බැලීමක් කරන්න වෙනවා. රජයට ආදායමක් තියෙන්න වෙනවා. ඒ නිසා අපිට එක පාරම අඩුකරන්න අමාරුයි.

එකක් තමයි පුනර්ජනනීය බලශක්ති පැත්තට යන්න වෙනවා. ඉන්දීය අගමැතිතුමා ආවමත් පුනර්ජනනීය බලශක්තිය පැත්තෙන් තමයි ගිවිසුමකට යන්නේ. එහෙම ගිහින් තමයි අපිට විදුලි බිල අඩු කරන්න තියෙන්නේ. ඉන්ධන මිලේ ගැලපීමක් තියෙනවා. එකපාරම යන්න බැහැ.

හැබැයි ආණ්ඩුව ආවට පස්සේ ඉන්ධන මිල ගොඩක් අඩු කරලා තියෙනවා. මේපාර රුපියල් 10කින් අඩු කළාට මීට ඉස්සෙල්ලාත් ආණ්ඩුව විවිධ ප්‍රමාණවලින් මිල අඩු කරලා තියෙනවා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *