2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන තෝරා ගත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසයි.
එජාප නායක රනිල් වික්‍රමසිංහට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කළ නොහැකි බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හෝ ඈ විසින් නම් කරන අයකු අපේක්ෂකයා කළ යුතු බවත් ඇමරිකාව විසින් රනිල්ට දැනුම් දුන් බව ද හෙතෙම අනාවරණය කරයි.
හිටපු ජනාධිපතිනිය මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස තෝරාගත් පසු රනිල් ඇරිකාවේ සිටින අවස්ථාවක එවක රාජපක්ෂ රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන ද සමුළුවක් සඳහා ඇමරිකාවට ගෙන්වා ගැනීමට ඇමරිකාව කටයුතු කර තිබේ.
එහි දී දෙදෙනා හමු වී සාකච්ඡා කර ඇති අතර ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට ද අගමැති අපේක්ෂකත්වය රනිල්ට ද ලබා දීමට එකඟතාව ඇති වූයේ එහි දී බව නවීන් දිසානායක වැඩි දුරටත් අනාවරණය කරයි. අන්තර්ජාල නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවක දී නවීන් දිසානායක මේ බව හෙළිකර තිබේ.