මෛත්‍රී ජනාධිපතිකම කළේ මරණාධාර සමිතියක සභාපති වගේ…! – වන්නිලඇත්තෝ…

January 16, 2023 at 7:37 am | by emanisa.lk

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහි නඩු තීන්දුව මේ රට පාලනය කිරීමට පත්වෙන සියලු නායකයින්ට ආදර්ශයක් වන බව දඹාන වැදි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසයි.

අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දඹාන ආදිවාසි නායකයා ඒ බව සඳහන් කළේය.

“රටේ නීතිය මුල් පුරවැසියාටත්, දුප්පතා සහ පොහොසතාටත් එක හා සමානයි. ඒ හින්දා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබු මිනිස්සුන්ට සාධාරණයක් ඉටුවීම හොඳ දෙයක්.

නායකයෙකුට තියෙන්නේ පොඩි වගකීමක් නොවෙයි. රටෙයි, ජනතාවගෙයි වගකීම තියෙන්නේ නායකයා සතුවයි. ඔහුට මරණාධාර සමිතියක නායකයෙක් වගේ කටයුතු කරන්න බැහැ.

ඉතින් මේ තීරණය ඉදිරි කාලයේ මේ රට පාලනය කරන්න පත්වෙන නායකයින්ටත් හොඳ පාඩමක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *