මෛත්‍රී කාම්බෝජ මහා මැතිවරණයට…!

July 22, 2023 at 6:32 pm | by emanisa.lk

කාම්බෝජයේ හෙට දිනයේදී (23) පැවැත්වෙන මහා මැතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්‍ෂකයෙකු වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්වීමට නියමිත ය.

ලෝක සාම සමුළුවේ ආරාධනයකට අනුව ඊයේ (21) කාම්බෝජය බලා පිටත්ව ගිය හිටපු ජනාධිපතිවරයා එහි පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්‍ෂකයෙකු ලෙස ද ඊට එක් වනු ඇත.

තෙදිනක් පුරා කාම්බෝජයේ නොම්පෙන්හිදී පැවැත්වෙන ජාත්‍යන්තර නායකත්ව සමුළුව සඳහා ද හිටපු ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *