හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේනට තමා සැලකුවේ පියෙකුට මෙන් බව හිටපු ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර පවසයි.
කෙසේ වුව ද තාත්තා පුතාගේ බෙල්ල කැපූ ආකාරය සිතා ගත නොහැකි බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
“මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා උදේ ඉඳලාම මාත් එක්ක එකට හිටියේ. එතුමා මගේ කිසිම ගැටලුවක් ගැන මට නොකියා, හිටපු ගමන් නින්දෙන් ඇහැරිලා වගේ රෑ මට ලියුමක් එවනවා, මාව අස්කලා කියලා. මට හිතාගන්නවත් බැරි වුණා. ඒක ඉතින් එතුමාට පුරුදු ඇති. නමුත් මට ඒවා පුරුදු නැහැ.
ආණ්ඩුවේ ඇමැති ධුර ගත්ත පිරිසක් පක්‍ෂයට ඇතුළුවෙලා පක්‍ෂය විනාශ කරන්න කුමන්ත්‍රණය කරනවා. මෛත්‍රිපාල සිරිසේන මහතාට මම සැලකුවේ තාත්තා කෙනකුට වගේ. තාත්තා පුතාගේ බෙල්ල කපන එක තමයි හිතාගන්න බැරි.
කොහොම වුණත් මේ ඉවත් කිරීමට විරුද්ධව මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පක්‍ෂයෙන් ඉවත් වෙලා ආණ්ඩුවේ ඇමැතිකම් ගන්න අයට පුළුවන් නම් පක්‍ෂය ඇතුළට ඇවිත් අපිව එළියට දාන්න කොහේවත් නොගිහින් පක්‍ෂය ගොඩදාපු මට බැරි වෙන්න බැහැනේ.”
තලවතුගොඩදී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවක දී දයාසිරි ජයසේකර මේ බව කීවේය.