මේ වෙලාවේ ගුරු වැටුප් විෂමතාවට විසඳුම් නෑ….! අර්බුදය මැදත් වෙලාවට වැටුප ගෙව්වා…! ගුරුවරු තම වගකීම ඉටුකළ යුතුයි…! – ජනපති….

August 3, 2021 at 11:03 am | by emanisa.lk

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කළ යුතු බව පිළිගන්නා නමුත් රටේ පවතින තත්ත්වය අනුව මෙය ඒ සඳහා අවස්ථාව නොවන බව ද ජනාධිපතිවරයා එහි දී සඳහන් කර ඇත.

ගුරුවරුන්ගේ පමණක් නොව සෙසු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයේ දී අවධානය යොමු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කොරෝනා අර්බුදය මැද වුව ද රජය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් නිසි වේලාවට ගෙවා ඇතැයි සඳහන් කර ඇති ජනාධිපතිවරයා මේ මොහොතේ ගුරුවරුන් ද සිය වගකීම ඉටු කළ යුතු යැයි සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *