මේ විරෝධතා සුනාමියේ පළමු රැල්ල වගේ…! දෙවෙනි රැල්ලෙන් අපි ඔක්කොම කපෝතියි..! – හිටපු විගණකාධිපති…

April 24, 2022 at 8:05 am | by emanisa.lk

පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම අසාර්ථක බව මේ වන විට රටට පෙන්නුම් කර තිබෙන බව හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ පවසයි.

ඒ හේතුවෙන් නියෝජිතයින් සිදුකර ඇති අයුතු වත්කම් සහ වංචා දූෂණ ගැන විගණනය කිරීමට නීති සකස් කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කරයි.

“මේ වෙනකොට පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියන එක රටට ඔප්පු කරලා ඉවරයි. සුනාමියේ පළවෙනි රැල්ල වගේ එකක් මේ තියෙන්නේ. ඊළඟ රැල්ල එනවා අපි ඔක්කොම ගලෝගෙන යන්න.

ඒ නිසා අපේ නියෝජිතයෝ කරලා තියෙන වංචා දූෂණ හා ඔවුන් ලබාගෙන තියෙන අයුතු වත්කම් පිළිබඳව විගණනයක් කිරීම සඳහා නීතිය සකස් කිරීම අත්‍යවශ්‍යයි. ව්‍යවස්ථාවට ඇතුළත් කරලා මේක නීතියක් බවට පත්කිරීම අනිවාර්යයෙන් කරන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *