මේ විපක්ෂය අන්තිම නිවටයි… ආණ්ඩුවේ හොරකම් ටිකවත් සමාජගත කරගන්න බෑ…!

September 15, 2026 at 4:05 pm | by emanisa.lk

වරායෙන් කන්ටේනර් 323ක් අතුරුදන් කළ වර්තමාන ආණ්ඩුවට පිරිසිදු ආණ්ඩුවක් ලෙස සමාජයේ බැබළෙන්නේ විපක්ෂයේ නිවටකම නිසා බව දේශපාලන විශ්ලේෂක, මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසයි.

ආණ්ඩුව ආරම්භයේදීම සිදුකළ කන්ටේනර්, බාල ගල් අඟුරු ආදී වංචා පිළිබඳ සමාජයේ ප්‍රබල සංවාදයක් මතු නොවන්නේ විපක්ෂයේ නිවටකම නිසා බවට ඔහු චෝදනා කරයි.

මේ නිසා සමාජය ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ දැනුම්වත් වී ඉන් ඔබ්බට පිළිතුරු සපයා ගැනීම කරා යොමු කරවීමේ හැකියාව අහිමි වී ඇති බවද කුසල් පෙරේරා අවධාරණය කරයි.

මෙහි ප්‍රතිඵලය ලෙස මෙතෙක් කිසිදු ආණ්ඩුවක් නොකළ ආකාරයට විපක්ෂය දඩයම් කරමින් අධිකාරීවාදී ගමනක් ආරම්භ කර ඇති බවද තමා ඒ දෙස කනගාටුවෙන් බලා සිටින බවද ඔහු ප්‍රකාශ කරයි.

වීඩියෝවක් නිකුත් කරමින් කුසල් පෙරේරා මේ බව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *