මේ විදිහිට ගියොත් මිනී පුච්චන්න රටේ පාන් පොරණුත් මදිවෙයි…! – මුරුත්තෙට්ටුවේ හිමි….

August 8, 2021 at 12:11 pm | by emanisa.lk

මෙරට කොවිඩ් වසංගතය දැන් ජනතා පොකුරක් බවට පත්වී ඇතැයි ද මේ ආකාරයට රෝගීන් මිය යාම දිගට ම සිදුවුවහොත් මෘත ශරීර පිළිස්සීම සඳහා බොරැල්ල කනත්ත පමණක් නොව රට පුරා පාන් පෝරණු ද යොදා ගැනීමට සිදුවිය හැකි බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

කොවිඩ් වසංගතය මර්දනය ගැන ආණ්ඩුව හා වෙනත් බලධරයන් විසින් සිදු කරන මාධ්‍ය සංදර්ශන වහා නැවැත්විය යුතු බවද නිසි වේලාවට රට නොවසා දැන් රට වසා දැමීම ගැන කතා කිරීම නිශ්ඵල ක්‍රියාවක් බවද උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.

එම නිසා දැනට රටේ කෙරෙන සංවර්ධන කටයුතු පවා වහා නතර කොට කොවිඩ් මර්දනය සඳහා රටත් ජනතාවත් සූදානම් විය යුතු යැයිද මුරුත්තෙට්ටුවේ හිමියෝ අවධාරණය කළහ. මේ අවස්ථාවේ ගුරු විදුහල්පතිවරුන් කරන උද්ඝෝෂණය එක ආණ්ඩුවක් විසින් බාරගත යුතු ප්‍රශ්නයක් නොව පැවති සෑම රජයක්ම එහි වගකීම බාරගත යුතුව ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.

මේ අවස්ථාව උද්ඝෝෂණය කළ හැකි අවස්ථාවක් නොවන බවත් දේශපාලන පක්ෂ තර කර ගැනීම සඳහා කෙරෙන උද්ඝෝෂණ ද නතර කර කොවිඩ් නිසා බියට පත්වී සිටින ජනතාව සුවපත් කිරීම සැමගේ ප්‍රමුඛ වගකීම විය යුතු බවත් මුරුත්තෙට්ටුවේ නාහිමියෝ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස