පසුගිය කාලයේ එජාපයට ජනාධිපතිවරයෙකු නොසිටිය ද දැන් එජාප ජනාධිපතිවරයෙකු ඇතැයි හිටපු අමාත්‍ය පී. හැරිසන් පවසයි.
එහෙයින් දැන් තවත් අත්හදා බැලීම් කළ යුතු නැති බවත් ඊළඟ වාරයේ ද එජාප ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට සියලු දෙනා එකමුතු විය යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.
මේ රට විනාශ කළ ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකෙන් එකක් වන ජනතා විමුක්ති පෙරමුණ අද ශුද්ධවන්තයින් සේ කතා කරන බවට ද පී. හැරිසන් චෝදනා කළේය.
ආර්ථික ඝාතකයින් පිළිබඳ කතා කරන අනුර දිසානායක, ලාල්කාන්ත 88-89 කාලයේ මේ රටේ කර්මාන්ත ශාලා, ලංගම බස්, විදුලි බල මණ්ඩලය බිමට සමතලා කළ බව ද නියම ආර්ථික ඝාතකයින් ජවිපෙ බව ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.