මේ රටේ ගොවීන් අසරණ කළේ ඩඩ්ලි සිරිසේනලා…! – අම්පිටියේ සුමන හිමි…

March 4, 2023 at 12:06 pm | by emanisa.lk

මේ රටේ ගොවීන් අසරණ කොට ඇත්තේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මහ මෝල්කරුවන් විසින් බව පූජ්‍ය අම්පිටියේ සුමන හිමි පවසයි.

ෆිනෑන්ස් කොම්පැනි වාහන උස්සන ආකාරයට ඩඩ්ලිගේ හෙංචයියන් කුඹුරට ම පැමිණ ගොවීන්ගේ වී ටික කුණු කොල්ලයට මිලට ගන්නා බවටයි, උන් වහන්සේ චෝදනා කළේ.

කන කර පවා උකස් කර ණය වී ඇති ගොවියා ඩඩ්ලි සිරිසේනගේ හෙංචයියන් ඉල්ලන මිලකට වී ටික ලබා දෙන්නේ වෙන කළ හැකි දෙයක් නොමැති බව ද එහිමියන් කීය.

ආණ්ඩුවේ නිලධාරීන් හමු වී ඉහළ මිලට වී ගන්නැයි යෝජනා කරන ඩඩ්ලි සිරිසේනට සාධාරණ මිලකට වී ටික මිලට ගත නොහැකි මන්දැයි සුමන හිමි ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *