මේ රටට ගැළපෙන ආර්ථික ක්‍රමය සමාජවාදී ද නොවන ධනවාදී ද නොවන ජාතිකත්වය පදනම් කරගත් මැද මාවත යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
එම මාවතෙහි මේ රටේ ආර්ථිකය හැසිරිවිය හැකි දක්ෂතම කණ්ඩායම සිටින්නේ සිය පක්ෂයේ බව ද එහි මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේය.
මේ රටේ ආර්ථිකය හැසිරවිය හැකි එක ම කණ්ඩායම සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග බව අවබෝධ කරගෙන ජනතාව කටයුතු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.