මේ යුගයේ විශාලතම පාපකර්මය විහාරස්ථානවලට 500%කින් විදුලි බිල වැඩි කිරීම බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.
එම පාප කර්මය සිදු කළේ විදුලිබල අමාත්‍යවරයා විදුලි බල මණ්ඩලය ඇතුළු කණ්ඩායමක් විසින් බවත් උන් වහන්සේ කීහ.
විදුලි ගාස්තු වැඩි කරන අවස්ථාවේ කියා සිටියේ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන සඳහා සූර්ය විදුලි කට්ටල ඉන්දියානු ආධාර ක‍්‍රමය යටතේ ලබාදෙන බව වුව ද දැන් ඒ සඳහා පුවත්පත්වල දැන්වීම් දමා ආධාර එකතු කරන බව ද එහිමියෝ පැවසූහ.
මේ හරහා ද ජාවාරමක් වංචාවක් ක්‍රියාත්මක වන බවට සැක සහිත බවත් ඒ අනුව ඒ ගැන පරීක්‍ෂණ කළ යුතු බවත් මාධ්‍ය හමුවක් අමතමින් සෝභිත හිමියෝ කියා සිටියහ.