මේ ඡන්දෙන් මජර දේශපාලනයේ මරණ වරෙන්තුව ලියනවා..!

January 23, 2023 at 11:53 am | by emanisa.lk

මෙවර මැතිවරණය මෙතෙක් පැවැති දේශපාලන සංස්කෘතියේ මරණ සහතිකය ලියන ඡන්ද පත්‍රිකාව බවට පත්වන බව ජාතික ජන බලවේගයේ එරංග ගුණසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, රනිල් වික්‍රමසිංහ මෙන් ම රාජපක්ෂලා ද එය හොඳින් ම දන්නා බවත් එහෙයින් ඔවුන් බියට පත්ව ඇති බවත්ය.

මේ රටේ පාලකයින්ට හොඳ වී ජනතාවට හොඳ වූ අවස්ථා නොමැති අතර පාලකයින්ට නරක දසාව ලැබීම යනු ජනතාවට හොඳ දසාවක් ලැබීම බවයි, එරංග ගුණසේකර ප්‍රකාශ කළේ.

ආණ්ඩුව මෙම මැතිවරණය ලබා නොදෙන බවත් ස්මාර්ට් අරගල කොට මැතිවරණය ලබා ගන්නා බවත් ඔහු වැඩි දුරටත් කීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *