මේ ආණ්ඩුව හැදුවේ අභයරාමේ මුල්වෙලා….! ඒ නිසා අපට විශේෂ සැලකිලි ඕන….! – මුුරුත්තෙට්ටුවේ හිමි….

June 1, 2021 at 11:21 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව ගොඩනැඟීමට මුල් වූයේ අප බවත් තමන් මේ තරම් බලයක් ආණ්ඩුවට ලබා දුන්නේ අප නිසා බවත් පවසන ජනතාව එන්නත් ලබා දීම පිළිබඳ කතා නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

අගමැතිවරයා ලවා අභයාරාමයට එන්නත් වෙන් කර ගැනීම සඳහා කටයුතු කළේ ඒ අනුව බවත් එහිමියෝ පෙන්වා දෙති.

අභයාරාමයේ තෝරාගත් පිරිසකට එන්නත් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව සිදු වූ බවට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ සිය අදහස් පළ කරමින් මුරුත්තෙට්ටුවේ හිමි මේ බව ප්‍රකාශ කළේ ය.

රැස්වීම් තැබීමට මැතිවරණ දිනවීමට අභයාරාමය හොඳ බවත් අභයාරාමය යමක් ඉල්ලූ විට ඇමැතිනිය ලැජ්ජා නැති කතා කියන බවත් එහිමියෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *