මේ අවුරුද්දේ පළාත් සභා ඡන්දේ නෑ… ලබන අවුරුද්දේ පුළුවන් වුණොත් තියනවා… ඡන්ද තියන්න කියලා ඉන්දියාවෙන් බලපෑමක් නෑ…! – ටිල්වින් සිල්වා…

May 24, 2026 at 4:11 pm | by emanisa.lk

පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කළද දිට්වා කුණාටුව පැමිණීමත් සමග අයවැයෙන් වෙන්කළ මුදල් එසේම තිබියදී සහන කටයුතු සඳහා රු. කෝටි 5000ක් වෙන්කිරීමට සිදුවූ බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඒ නිසා මේ වසරේ එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයිද දැන් පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳ නීති ප්‍රශ්නයක් මතුව ඇති බවද ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ පාලන සමයේ පැමිණි එම නෛතික ගැටලු පිළිබඳ විමර්ශනයට කමිටුවක් පත්කර ඇති බවත් වෙනත් ගැටලු ඇති නොවුණහොත් ලබන වසරේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකි වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ඉන්දියානු ආණ්ඩුව සහ මාලිමාණ්ඩුව අතර ඉතාම හොඳ සම්බන්ධයක් ඇති නිසා ඒ සඳහා ඉන්දියාවේ බලපෑමක් නොමැති බවද ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ජනබලවේග යාපනය දිස්ත්‍රික්ක කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එකතු වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *