මේ අයගේ එඩ්ඩ්‍රස් මතක තියාගන්න.. රට වැටුණොත් ඒ ගෙවල්වලට යන්න…! – වජිර…

June 21, 2024 at 11:04 am | by emanisa.lk

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිහිටා ඇත්තේ ද මහජන පරමාධිපත්‍යය මත බවත් මහ ජනතාව කැමති නම් රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර 12ක් රට පාලනය කිරීමට හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“මේ අවස්ථාවේදී යම්කිසි දේශපාලන කණ්ඩායමක් බොරු මතවාද දාලා මහ ජනයා මුලා කළොත් අන්න ඒ අයගේ ගෙවල්වල එඩ්‍රස් හොඳින් මතක තබා ගත යුතුයි, රට නැවත කඩාගෙන වැටුණොත් ඒ අයගේ නිවෙස්වලට ගිහිල්ලා ඒ අයව මුණගැසිය යුතුව තිබෙනවා.

අපිව මුණගැසිලා වැඩක් නෑ. අපේ යුතුකම අපි ජාතිය වෙනුවෙන් ඉටු කරලා තිබෙනවා. මහජන පරමාධිපත්‍යය තුළයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිහිටලා තිබෙන්නේ. ඕනෙ නම් පුළුවන් වැදගත් ප්‍රශ්නයක් මහජනයාගෙන් අහන්න – රනිල් වික්‍රමසිංහ මහතා වසර 12ක් මේ රට පාලනය කරන්නද ? – මහ ජනයා කිව්වොත් හා කියලා, රට පාලනය කරන්න පුළුවන්. ඒකෙ වරදක් නෑ.”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *