මේක අයාලේ යන එදාවේල ටුවර්ස් ආණ්ඩුවක්…! ජනතාව ආණ්ඩුව ගෙදර යවනු නියතයි…! – ශ්‍රීලනිප උපසභාපති…

November 28, 2021 at 8:49 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුව යනු දැක්මක් නැති, අයාලේ යන, එදා වේල ටුවර්ස් ආණ්ඩුවක් බවත් ජනතාව ඔවුන්ට ලැබෙන පළමු අවස්ථාවේ දී ම ආණ්ඩුවට පිළිතුරු ලබාදෙනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන හවුල්කාර පක්ෂය වුණත් මේ පක්ෂයට විවිධ චෝදනා එල්ල කරන්න පටන් ගත්තා, අපහාස උපහාස කරන්න පටන් ගත්තා, පක්ෂ නායකයාට අවලාද නගන්න පටන් ගත්තා.

තුනෙන් දෙකක බලය හරහා අපට දඬුවම් කරන්න පුළුවන්ය, බැහැලා එළියට යන්න පුළුවන්ය, මේවා ඉහළ නායකයින්ගේ ආශිර්වාදයෙන් තොරව මේ කාරණා සිද්ධ වුණා කියලා අපට හිතන්න බෑ.

මොකද මේ අයට පුළුවන් ඕනෙ නම් ඒ කටහඬවල් නවත්තන්න. එහෙම දෙයක් සිද්ධ වෙන පාටක් පේන්න නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *