හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර තිබේ.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ 2016 වසරේ දී සේවය කළ තරුණියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොහොමඩ් ෂියාබ්දීන් අත්අඩංගුවට ගෙන පොලිස් විමර්ශන ක්‍රියාත්මක විය.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවට ද නියෝග කළේය.