දැරියක් දූෂණය කළ බදියුදීන්ගේ මස්සිනාට අවු. 15ක සිරදඬුවමක්….! යහපාලන කාලේ අවු. 09න් නිදහස් වී ගෙදර ගිහින්….!

July 28, 2021 at 9:26 am | by emanisa.lk

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ශ්‍යාබ්දීන් අයේෂාගේ තවත් සොහොයුරකු දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට වරදකරු වී වසර 15ක් සිර දඬුවම් විඳ ඇතැයි වාර්තා වෙයි.

ඉකුත් 2007 වසරේ මැයි මස 29 වැනිදා කොළඹ අංක 01 මහාධිකරණය මගින් සිර දඬුවම් නියම කර තිබේ.

මොහොමඩ් හනීෂ් නම් ඔහු සිරකරු අංක එල්. 17462 යටතේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිට ඇත. එසේ සිර දඬුවම් විඳිමින් සිටි ඔහු ඉකුත් 2016 වසරෙ දී පමණ දඬුවම නිමා වී ඇත.

මොහු බන්ධනාගාරගතව සිටිය දී රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයකුව සිටි අතර සිය මස්සිනා ඉක්මනින් නිදහස් කරවා ගැනීම සඳහා ඔහු බන්ධනාගාර බලධාරීන්ට විවිධ බලපෑම් කළ බව ද වාර්තා වෙයි.

මියගිය ඉෂාලිනී ජූඩ් එහි සේවය කළ කාලයේ බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරෙකු එම නිවසේ සිටි බවට ද ඉකුත් දිනවල තොරතුරු ලැබී තිබිණි.

ඉෂාලිනීට පෙර එම නිවසේ මෙහෙකාර සේවයෙහි නිරත වූ දැරියක් දූෂණය කිරීමේ වරදට බදියුදීන්ගේ බිරිඳගේ තවත් සොහොයුරෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *