අමු කහ කිලෝවක් රු. 400 බැගින් මිලට ගැනීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මාර්තු 29 වෙනිදා පුවත්පත් දැන්වීමක් පළ කළ බව අපනයනය කිරීමට ද කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
මීට පෙර අමු කහ කිලෝවක් අලෙවි කළේ රු. 65-70ට බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.
මෙවර කන්නයේ ටොන් 4000ක් කහ වගා කිරීමට බලාපොරොත්තු වන බවත් ගොවි ජනතාවට හොඳ මිලක් දෙමින් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට කහ ලබා දීමට ද සැලසුම් කර ඇතැයි හෙතෙම සඳහන් කරයි.
එසේ ම මෙරට වගා කෙරෙන කහ ඉදිරියේදී අපනයනය කිරීමට ද කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
ගම්පහ ප්‍රදේශයේ ගොවීන් සතු කහ මිල දී ගැනීම සඳහා දිවුලපිටිය ප්‍රදේශයේ දී එකතු වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.