අම්පාරේ කහ ගොවීන්ට වහා විසඳුම්….! අමු කහ කිලෝවක් රු. 400ට මිලට ගනී….!

April 12, 2021 at 6:36 am | by emanisa.lk

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔස්සේ අමු කහ කිලෝවක් රුපියල් 400ක මුදලකට ගොවීන්ගෙන් මිල දී ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කරයි.

“අපනයන කෘෂිකර්ම දෙපාර්මේන්තුව හරහා රුපියල් 400ට අමු කහ කිලෝ එකක් අපි ගන්නවා. අපි ගොවියන්ටත් සහනාධාරයක් ලබාදීලා තිබෙනවා.

ඉදිරි කාලයෙදී පාරිභෝගීක ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් මැයි මාසයේ කහ පැළ ලක්ෂ 60ක් ජනතාවට දෙනවා.

රජය හැටියට කහ විකුණා ගන්න බැරි ප්‍රශ්නයක් නැහැ. අපි ඕනෑම වෙලාවක රුපියල් 400ය ගානේ ගන්නවා.”

පසුගියදා අම්පාර කහ ගොවීන් පවසා තිබුණේ සිය අස්වනු අලෙවි කරගත නොහැකි බවත් ඒ සඳහා රජය මැදිහත් වී වහාම වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *