මෙවරත් අලි ඇතුන් එක්ක දළදා පෙරහැර ලස්සනට කළා… හරක් මස් කෑල්ලක් කමින් අලි ගැන දුක් හෑල්ලක් ලියමු…!

August 30, 2026 at 12:15 pm | by emanisa.lk

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහනකි.

මෙවරත් ඇසළ පෙරහැර පැවැත්වුණා.
පෙරහැරේ අලි ගියා.
පෙරහැර ගොඩක් ලස්සනට තිබුණා.

1959 න් පසුව අද වනතුරු කිසිදු දිනක කුලප්පු වීම නිසා දළදා පෙරහරේදී අලියෙකුව මරා දමා නැත. ඒ කියන්නේ අලියෙකු මරා නොදමමින් පෙරහැර පවත්වා ඇති අවුරුදු ගණන හැට හතකි.

ඒ අතරතුර කාලයේදී විවිධ සංස්කෘතික සහ ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් ඝාතනය කරන ලද හරකුන්, එළුවන්, ඌරන්, කුකුළන්, මාළුන් සංඛ්‍යාව පිළිබඳව දත්ත මා ළඟ නැත.

ඒ වගේම ඒ අතරතුර කාල වකවානුවේදී කොටුකර, කූඩුකර, දම්වැල් දමා ඇති කරන බල්ලන් කුකුළන් හරකුන් ඌරන් එළුවන් ඉස්සන් පිළිබඳ සංඛ්‍යා දත්තද මා ළඟ නැත.

ඒ ගැන පෙරහැර විරෝධී, “අලි හිතවාදී” නෝනාවරු සහ මහත්වරු සමාව දෙත්වා !!

ඊළඟ අවුරුද්දෙත් පෙරහැර යනවා. ඒ පෙරහැරේ අලිත් යනවා.

බීෆ් කෑල්ලක් රස බලන ගමන්, ඔය කියන අලි හිතවාදී මහත්වරුන්ට අලින්ව පෙරහරේ ගෙනයාම පිළිබඳව තවදුරටත් බෙහෙවින්ම දුක් වීම සඳහා අවසර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *