මෙරට පළමු වරට කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ කළු දිලීර රෝගය ආසාදිත පුද්ගලයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගොස් තිබේ.
කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රොහාන් පී. රුවන්පුර සඳහන් කළේ, ඇල්පිටියේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවය.
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සැප්තැම්බර් මස 29 වැනිදා ඔහු මියගොස් තිබිණ.
කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රොහාන් පී. රුවන්පුර සඳහන් කළේ, කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ සංකූලතා සහිත කළු දිලීර රෝගීන් මීට පෙර ද හඳුනා ගත්ත ද, කළු දිලීර හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය මෙය වන බවය. ඉන්දියාවේ කළු දිලීර රෝගය දැඩි ලෙස ව්‍යාප්ත විය.