මෙරට ප්‍රථම බලශක්ති ගබඩා පද්ධතිය විවෘත වෙයි…!

September 18, 2026 at 3:25 pm | by emanisa.lk

මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා දියජනනි පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) විවෘත විය.

එය පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ස්ථාපනය කරනු ලබන පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතියකින්ද (Battery Energy Storage System – BESS) සමන්විතය.

තව ද පුනර්ජනනීය බලශක්තිය තුළින් විදුලිය උත්පාදනය කිරිමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “දියජනනි” පාවෙන සූර්ය බලශක්ති පද්ධතිය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ වරාය,සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ විවෘත කෙරෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *