මෙරට ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ පවුලේ අයටත් කොවිඩ්…! ඔවුන් බූස්ටර් එන්නතත් අරගෙන…!

December 18, 2021 at 9:13 am | by emanisa.lk

මෙරටින් සොයා ගැනුණු ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

කෙසේ වෙතත් ඔවුන්ට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.

එම ආසාදිතයින් සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන නමුත් ඔවුන් බූස්ටර් එන්නත ද ලබාගත් අය බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර ඔමික්‍රොන් ආසාදනය වී ඇති බවට හඳුනා ගැණුනු ඉන්දීය ජාතිකයා පැමිණ ගිය සමාජශාලා සහ ස්ථාන සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *