මෙට්‍රො බස් සාමාන්‍ය බස් මගීන්ට නෙමෙයි, තමන්ගේ වාහනේ කොළඹ එන අයටයි…! – ඇමති බිමල් රත්නායක…

September 10, 2026 at 6:48 pm | by emanisa.lk

මෙට්‍රෝ බස් රථ සේවය හඳුන්වා දී ඇත්තේ සාමාන්‍ය බස් මගීන් සඳහා නොව පෞද්ගලික වාහන භාවිත කරන අය සඳහා බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

පසුගියදා (08) පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ, පෞද්ගලික වාහන භාවිත කරන්නන් එම වාහනවලින් ඉවත් කර පොදු ප්‍රවාහන සේවාව වෙත යොමු කිරීම මෙට්‍රෝ බස් රථ සේවාවේ ප්‍රධාන අරමුණ බවයි.

එම අරමුණ ඉටු කර ගැනීම සඳහා සෑම මෙට්‍රෝ බස් නැවතුම්පොළක්ම ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ පහසුකම් සහිත ස්ථානයක් බවට පත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන පරාමිතීන් සහ යෙදුමක් (App) අනුව පෞද්ගලික අංශයටද වාහන නැවැත්වීමේ ස්ථාන (Park) පවත්වාගෙන යමින් ආදායමක් උපයා ගැනීමට අවස්ථාව සැලසෙන බවද අමාත්‍යවරයා පැවසීය.

ලබන වසර වන විට මෙට්‍රෝ බස් රථ 272කින් සමන්විත ඇණියක් මගින් දිවයිනේ තවත් දිස්ත්‍රික්ක ගණනාවකට මෙම සේවාව පුළුල් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස