ආදිවාසි ජනතාව මූලධර්මවාදී ආගම්වලට නැඹුරු කර ගැනීමේ සැලසුමක් ක්රියාත්මක වන බව ආදිවාසි නායක ඌරුවරිගෙලෑ වන්නිලෑ ඇත්තෝ පවසයි.
මූලධර්මවාදීන් විසින් ආදිවාසී ගම්මානවලට ගොස් එම පවුල්හි දුක සැප විමසා ඔවුනට ආධාර කිරීමට පටන් ගෙන ඇතැයි සඳහන් කළ වන්නිලෑ ඇත්තෝ මෙය ඉකුත් කොරෝනා වසංගත සමයේ සිට ආරම්භ වී ඇතැයි ද හෙළි කළේය.
ඉකුත් 09 වැනිදා දඹානේ දී පැවැති ආදිවාසී දිනය සැමරීම සඳහා පැමිණි පොල්ලේ බැද්ද, වාකරේ, ත්රිකුණාමලය, මොනරාගල, හේනානිගල, දළුපාත යන ගම්මානවල ප්රාදේශීය ආදිවාසි නායකයින් මෙම ගැටලුව සම්බන්ධයෙන් වන්නිලෑඇත්තන් සමග සාකච්ඡා කර ඇත.
එහිදී වන්නිලෑඇත්තන් ප්රාදේශීය ආදිවාසි නායකයින්ට මෙම මූලධර්මවාදීන්ට මුලා නොවන ලෙස උපදෙස් ලබා දී ඇති අතර උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ රජයට ද දැනුම් දී ඇත.