මුලතිව් විනිසුරු ඉල්ලා අස්වුණේ සරත් මැරයාගේ තර්ජන නිසා..! – පුබුදු ජයගොඩ…

September 30, 2023 at 11:25 am | by emanisa.lk

කුරුන්දි පුදබිම බෞද්ධ හින්දු දෙපාර්ශ්වය ම වැඳුම් පිදුම් කරන ස්ථානයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතිවාදී භික්ෂුවක් එක්ව එහි විශාල අවුලක් නිර්මාණය කොට ඇති බවට හෙතෙම චෝදනා කරයි.

කුරුන්දි පුදබිම පිළිබඳ නඩුව අසමින් සිටි මුලතිව් විනිසුරු ටී. සරවනරාජා ඉල්ලා අස්වන්නේ සරත් වීරසේකර නම් ජාතිවාදී මැරයාගේ තර්ජන නිසා බවට ද පුබුදු ජයගොඩ වැඩි දුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *