මුදල් අමාත්‍යංශය රටම අන්දයි..! ජනපතිටත් බිලියන දහසක බොරුවක්..!

February 8, 2024 at 6:32 pm | by emanisa.lk

මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්නට එපා යැයි ජනපතිගෙන්, රජයෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මුදල් අමාත්‍යාංශය මූල්‍ය අරමුදලට දුන් දත්ත වැරදි බව ඔවුන්ම පිළිගත් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කතාවට මුදල් අමාත්‍යාංශය දුන් දත්තවල ද බිලියන දහසක වෙනසක් තිබූ හෙයින් එම කතාව නොකළ බව කී අලුත්ගමගේ මහතා මෙවැනි නිලධාරීන් තවදුරටත් තබාගන්නේ දැයි ජනාධිපතිවරයා තීරණය කළ යුතු බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *