දිගන ප්‍රහාරයෙන් පසු තමා සහරාන් හසීම් පිළිබඳ පොලිසියට පැමිණිලි කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි එම පුද්ගලයා වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස එම පැමිණිල්ල මගින් ඉල්ලා සිටි බව ද ඔහු පෙන්වා දුන්නේය.
මුජිබර් රහුමාන් මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ (258) සාක්ෂි දෙමිනි.
කෙසේ වුවද සාක්ෂි දීමෙන් පසු කොමිසමෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ තමා සහරාන් පිළිබඳ දැනගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව බවය.