පාස්කු ප්‍රහාරය එල්ල ක⁣ළේ මුස්ලිම් ජනතාව නෙමෙයි! අපට ලංකාවේ මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්නයක් නෑ! – මුජිබර් රහුමාන්

September 29, 2020 at 6:55 pm | by emanisa.lk

වෙනත් පාර්ශවයක අවශ්‍යතාව මත සහරාන් හෂීම් විසින් පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් පවසයි. 

ඒ, පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ප‍්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් පිළිබඳ නිසි තොරතුරු ලබාගැනීමට නම් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බව කියන දැනට රටින් පලා ගොස් ඇතැයි කියන සාරා නමැති කාන්තාව මෙරටට ගෙන්වා ගත යුතු බව ඔහු කියා සිටියේය.

රටේ ජීවත්වන මුස්ලිම් ජනතාවට මරාගෙන මැරෙන්න තරම් ප‍්‍රශ්න නොමැති බව ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස