පසුගිය යහපාලන ආණ්ඩුව පිහිටුවීමට මුල්ව ක්‍රියා කළ බොහෝ පිරිසක් එක්ව ඊළඟ ජනාධිපතිවරණය සඳහා නව බලවේගයක් ගොඩනැඟීමට සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
යහපාලන ආණ්ඩුව ගොඩනැඟීම සඳහා මුල් වී ක්‍රියා කළ බොහෝ පිරිසක් පසුගිය වසර පුරා නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අතර, මේ වන විට ඒ සියලු දෙනා එක්ව ඊළඟ ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය දේශපාලන වටපිටාව සකස් කරමින් සිටින බව ද එම ආරංචි මාර්ග කීවේ ය.
ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මතවාද පිළිබඳව මේ වන විටත් තීරණය කර ඇති නමුත් අපේක්ෂකයා කවුරුන්ද යන්න තවම නිශ්චිත තීරණයක් ගෙන නැති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රධාන පෙළේ ජාතික බලවේගයක් යන සංකල්පය යටතේ මැතිවරණ සටන ආරම්භ කිරීමට නියමිත අතර ඒ අනුව එම අපේක්ෂකයා ජාතික අපේක්ෂකයකු ලෙස හැඳින්වීමට ද තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.