අනුර දිසානායක මතක ඇති කාලයක මිහින්තලේ විහාරස්ථානයට ගොස් නැතැයි සුනිල් හඳුන්නෙත්ති පවසයි.
එහෙයින් එම විහාරස්ථානයේ දී අත බැඳි පිරිත් නූල කඩා ඉවත් කළ කතාව බොරුවක් බවයි, ඔහු ප්රකාශ කළේ.
මිහින්තලේ නායක හිමියන් මෙවැනි ප්රකාශයක් සිදුකළේ ඇයි ද යන්න තමන්ට ද ගැටලුවක් බව හෙතෙම සඳහන් කරයි.
ජාතික ජන බලවේගය බලයට පත්වීමට ඇතැමුන් ප්රාර්ථනා කළ ද එය යථාර්ථයක් වීම දැකීමට සමහරු අකමැති බව ද සුනිල් හඳුන්නෙත්ති ප්රකාශ කරයි.
ගුවන්විදුලි වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.