මිහින්තලා පුදබිම රැක දෙන්නැයි ජනපතිට මහ නාහිමිවරුන්ගෙන් ලිපියක්..!

December 19, 2023 at 11:03 am | by emanisa.lk

වහාම මිහින්තලය පුදබිමට අවශ්‍ය ආරක්‍ෂාව ලබාදීමට ක්‍රියාකරන ලෙස මල්වතු අස්ගිරි මහා හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යවමින් ඉල්ලා සිටියහ.

ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියේ තිඹිරිගෙය මෙන්ම මෙරට සංස්කෘතික පෞඪත්වය ලොවට විදහා දක්වන මෙම පුණ්‍ය භූමිය ථෙරවාදී මහා විහාරීය බෞද්ධ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානය බවද උන්වහන්සේලා සිහිපත් කරති.

එහි ආරක්‍ෂාව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත්වීම දියයුතු බව ද එම පුණ්‍ය භූමිය තුළ කෙරෙන සංවර්ධන කටයුතුවලට ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය දීම අඛණ්ඩව කරන ලෙසද මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමියන් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙන් ඉල්ලා තිබේ.

මිහින්තලා විහාරාධිපති වලවහැංගුණුවැවේ ධම්මරතන හිමි සිදුකළ ප්‍රකාශයක් නිසා විහාරයේ නඩත්තු කටයුතු කළ හමුදා කණ්ඩායම ඉවත් කර ගැනීමට ආණ්ඩුව ගත් තීන්දුව පදනම් කරගෙන මෙම ලිපිය යොමු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *