මිල සූත්‍රය ක්‍රියාත්මකයි…! තෙල් මිල පහතට…! ඩීසල් පෙට්‍රල් 20කින් බසී..!

July 17, 2022 at 8:35 pm | by emanisa.lk

ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (17) පස්වරුවේ පියවර ගත්තේය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් පහත දමා තිබේ.

එම මිල සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 ක් දක්වා පහත වැටුණි.

එම මිල පහත දැමීම අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන බව ද ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.

ඉන්ධන මිල සූත්‍රයේ පසුගිය සති දෙකේ ගැළපීම් අනුව මෙම මිල පහත වැටීම සිදුවූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. ලංකා IOC සමාගම ද මීට සාපේක්ෂව මිල ගණන් පහත දමා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *