මිලින්ද ගැන පැතිරෙන කටකතා බොරු….!

September 8, 2021 at 6:39 am | by emanisa.lk

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කර සිටින මිලින්ද මොරගොඩගේ අක්තපත්‍ර ඉන්දීය රජය පිළිගෙන නැතැයි පලවන වාර්තා අසත්‍ය බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පසුගිය 30 වැනිදා රාජකාරි ඇරඹුවේ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදීය.

ඉන් පසු වාර්තා වූයේ ඔහු පත්කර ඇත්තේ කැබිනට් අමාත්‍ය බලතල සහිතව නමුත් ඉන්දීය රජය විසින් එම බලතල සහිතව අක්ත පත්‍ර භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *