මිය ගිය රෝගියාට මෝචරියේ දී පණ එයි…! වෛද්‍යවරයාට විනය පරීක්ෂණ….!

April 10, 2021 at 10:42 am | by emanisa.lk

ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහි දී යළි සිහි ලැබීමේ පුවතක් මීගමුව දිස්ත්‍රික් රෝහලෙන් වාර්තා වෙයි.

මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ මීගමුවේ පදිංචි 40 හැවිරිදි ධීවර කාර්මිකයෙකි. මෙම පුද්ගලයා බරපතළ රෝගී තත්ත්වයෙන් ඊයේ ( 09) මීගමුව මහරෝහලට ඇතුළු කිරීමට ඥාතීන් කටයුතු කර තිබිණි.

එහිදී රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා ඔහු පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි නිර්දේශ කර මෘත ශරීරාගාරයට යොමු කර ඒ පිළිබඳව රෝහල් පොලීසියට දැනුම් දී තිබේ.

අනතුරුව ඥාතීන්ද එම ස්ථානයට පැමිණ සිරුර අල්ලමින් හැඩීමේ දී එක්වරම සිහි පැමිණ ඇති රෝගියා අත ඔසවා තමා මිය ගොස් නැති බවට තහවුරු කර තිබේ. එහි දී අසල සිටි රෝහල් සේවකයින් කඩිනමින් ඔහු යළි වැඩිදිර ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවට යොමු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.

එම පුද්ගලයාගේ රුධිරයේ සීනී මට්ටම අඩු වී කෝමා තත්ත්වයට පත්ව පත්ව සිටි ඇති බවට පරීක්ෂණවල දී අනාවරණය වී ඇතැයි වෛද්‍යවරු පවසා තිබේ. රෝගීයා පරීක්ෂා කර ඔහු මිය ගිය බවට තහවුරු කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට කටයුතු කරන බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *