මිනී එම්බාම් කරන්න ෆෝමලින් නෑ…! ගේන්න ඩොලර් නෑ…! විසි හතර පැයෙන් අවමංගල්‍ය කටයුතු අවසන්…!

February 26, 2022 at 4:20 pm | by emanisa.lk

මෙරටට බලපා ඇති විදේශ විනිමය අර්බුදය මත ඉදිරියේදී රට පුරා ෆෝමලින් හිග වීමේ අවදානමක් ඇතැයි මල් ශාලා හිමියෝ සඳහන් කරති.

දැනට රට තුළ පවතින්නේ මසකට ප්‍රමාණවත් තරම් ෆෝමලින් ප්‍රමාණයක් බව පෙන්වා දෙන මල්ශාලා හිමියෝ මේ හේතුවෙන් ඉදිරියේ දී මල්ශාලා කර්මාන්තය ද ගැටලු සහගත තත්වයකට පත් වනු ඇතැයිද කියා සිටිති.

ෆෝමලින් ආනයනය කරන්නේ ඉන්දියාව සහ පාකිස්ථානය වැනි රටවලින් වන අතර රජය විසින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලෙස ආහාර ඉන්ධන සඳහා ඩොලර් ලබාදීමේ මූලිකත්වය මත ෆෝමලින් ආනයනය ඇනහිට ඇතැයිද ඔවුන් කියති.

මෘත ශරීර එම්බාම් කිරීම සඳහා පෝමලින් හැර වෙනත් විකල්ප ද්‍රව්‍යයක් නොමැති නිසා මසක් වැනි කාලයක් ඇතුළත ෆෝමලින් ගෙන්වීමට නොහැකි වුවහොත් මෘත ශරීර එම්බාම් කිරීමක් නොකර පැය විසි හතරක් තුළ අවමංගල උත්සව අවසන් කිරීමට හැර මෘතදේහ කල්තබා ගැනීමේ හැකියාවක් නැතැයි ද මල්ශාලා හිමියෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *