අද වන විට රටේ ආර්ථිකය තුන් ආකාරයකින් විනාශ වී කඩා වැටී ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
රාජ්‍ය මුදල් අර්බුදය මෙන්ම විදේශයන් සංචිත හිගය ද මේ වන විට දැඩිව බලපා ඇති බව ඔහු කියා සිටියි.
ශ්‍රී ලංකාව අපනයන ද්‍රව්‍ය නිෂ්පාදනය කර පිටරට යැවීම නොකළහොත් විදේශ විනිමය නැතිව ජනතාව ඖෂධ, කෑම බීම නැතුව මිය යනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
රට වසා දමන තරමටම පාලනයකින් තොරව බඩු මිල ඉහළ යනු ඇති බවත් පැවසූ ඇමැතිවරයා එවන් අවස්ථාවල ම තමන්ගේ මව් පියන්ට දොස් පවරන්න එපා යැයි ද ඉල්ලා සිටියේ ය.
දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනක දී ඔහු මෙම අදහස් පල කලේය.
අද වන තෙක් රජයේ සේවකයන්ට කිසිදු කප්පාදුවකින් තොරව වසර එකහමාරක් වැටුප් ගෙවා ඇති නමුත් ඉදිරියේදී ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇතිවුවහොත් වැටුප් කප්පාදුවක් වුවද සිදු කිරීමට ඉඩ ඇතැයි ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.