දැන් ජනතාව පක්ෂ පාට භේදයකින් තොරව කළ යුතු අරගලය වන්නේ මිනිසුන් ජීවත් කිරීමට උත්සාහ කිරීමේ අරගලය බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් පවසයි.
එසේ නැතිව රටේ ජනතාව මෙන්ම රටේ ඉදිරි ගමන අමාරුවේ දමන අරගලයක් නම් නැවත කර රටට ප්‍රයෝජනයක් නැතැයි හෙතෙම කීය.
මේ රටේ ජනතාව බුද්ධිමත්ව තීරණාත්මකව සිතා බලා කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බව ද අකිල විරාජ් කාරියවසම් අවධාරණය කළේය.
ජනතාවට පාරට බැස අරගල කළේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලි කප්පාදුව, බඩු මිල ඉහළ යාම වැනි කාරණා නිසා බව කී අකිල විරාජ්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඒ සියලු දේ යථා තත්ත්වයට පත් කරමින් සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන බව ද පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කළේය.