මිනිබිරිය පස්සේ බලනවා…! මේ ජනතාව සමඟ සිටිය යුතු මොහොතයි….! ජනාධිපතිවරයා සිය පෞද්ගලික ඇමරිකානු සංචාරය කල් දමයි…!

May 8, 2021 at 10:26 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කලින් සැලසුම් කර තිබූ පෞද්ගලික විදෙස් සංචාරය අත්හිටුවා තිබේ.

සිය පුත් මනෝජ් රාජපක්ෂගේ කුළුඳුල් දියණිය උපදින අවස්ථාවේ ඇමෙරිකා එක්සත් ජනපදයට යාමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබිණි.

එහෙත් රට තුළ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා එම ගමන පසුවට කල් දැමීමට තීරණය කර තිබේ.

මේ මොහතේ ජනතාව සමග සිටීම වැදගත් බව තීරණය කර ඇති ජනාධිපතිවරයා සිය ප්‍රමුඛ අරමුණ වන්නේ කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා එන්නත්කරණ වැඩපිළිවල කඩිනම් කිරීම බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුව ද සිය කුළුඳුල් මිනිබිරිය දැක බලා ගැනීම සඳහා ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *