මැද පෙරදිග ඇවිළීමත් එක්ක ඉන්ධන අර්බුදයක්… මුහුණ දෙන්න ආණ්ඩුවට කාංචනගෙන් ටියුෂන්…!

October 26, 2024 at 8:16 pm | by emanisa.lk

නැවත ඇවිළෙන ඊශ්‍රායල්-ඉරාන ගැටුම නිසා ලංකාවට තෙල් ලබා ගැනීමේ අර්බුදයක් ඇති විය හැකි බව හිටපු අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

විශේෂයෙන් නැව් ගමන් මාර්ග වෙනස් කිරීම, මුදල් ලබා දුන්න ද කලට වේලාවට තෙල් නොලැබීම, නැව් තෙල් ඇනවුම් භාර නොගැනීම සහ මිල ඉහළ යෑමේ අවදානමක් මේ සමග මතු විය හැකි බවටයි, හිටපු ඇමැතිවරයා අනතුරු ඇඟවූයේ.

එහෙයින් කල් ඇතිව මෙම තත්ත්වයට මුහුණ දීමට සැලසුම් කළ යුතු බවත් එසේ කළහොත් ගැටලුවකින් තොරව රටට අවශ්‍ය ඉන්ධන කලකට වේලාවට ලබා ගැනීමට හැකි වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එසේ නොකළහොත් ඉන්ධන හිඟයක් මතු වී රජය ද ජනතාව ද අපහසුතාවට පත්විය හැකි බවට කාංචන විජේසේකර අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *