පසුගිය සතියේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකයෙකු වන රවි කරුණානායක සහභාගී නොවීය.
එම බල මණ්ඩල හමුව පැවැත්වුණේ එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සාගල රත්නායක, රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම් වැනි පක්ෂ නායකයන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙනි.
මෙම හමුවේ දී එජාපය යළි ගොඩනැගීම සම්බන්ධයෙන් එම නායකයන් අදහස් පළ කළේය.