මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයටත් උප සභාපති ධුරය පොදුජන පෙරමුණටත් හිමිව තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය ජාතික ජන බලවේගය දිනා ගනු ලැබුවා ද බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීමට අපොහොසත් විය.
එහිදී ජාතික ජන බලවේගය සභික ධුර 10ක් හිමි කර ගැනීමට සමත් වූ අතර සමගි ජන බලවේගය සභික ධුරය 6ක් හිමි විය.
එමෙන්ම පොදුජන එක්සත් පෙරමුණ සහ සර්ව ජන බලය සභික ධුර 2 බැගින් දිනා ගත් අතර පොදුජන එක්සත් පෙරමුණ එක් සභික ධුරයක් හිමිකර ගත්තේය.
සභාවේ බලය ලබා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී එහි සභාපති ධුරය ජාතික ජන බලවේගයේ ධනපාල විමලතුංගට ද උප සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රංගන සෝමදාසට හිමි විය.