මැදපෙරදිග ඇවිළුණොත් තෙල් මිල පාලනයට ආණ්ඩුවෙන් කමිටුවක්…!

October 15, 2024 at 4:20 pm | by emanisa.lk

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබේ.

“මැදපෙරදිග ඇතිවෙලා තිබෙන යුදමය තත්ත්වය එක්ක තෙල් මිල ඉහළ යාමේ අවදානමක් තිබෙනවා. ඒ පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් ලබාදීලා තියෙනවා.

ඒ පිළිබඳව මැදිහත්වෙලා එවැනි තත්ත්වයක් මතු වුවහොත් කොහොමද තෙල් මිල පාලනය කරගන්නේ ඒකට කොහොමද මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව කටයුතු කරන්න විශේෂ කමිටුවක් පත් කරන්න තීරණය කරලා තිබුණා.”

අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *